ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහා ආපදා සහන පුහුණු වැඩසටහනක් ගඟේවාඩිය නාවික හමුදා ආපදා කළමණාකරණ සහ ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රජයේ නිලධාරීන් වෙත පුහුණූ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 21 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, දින පහක් (05) පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මඟින් ඉදිරි මෝසම් වැසි සමයේදී ඇති විය හැකි ආපදා තත්වයන් කළමණාකරනය කිරීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රජයේ නිලධාරීන් වෙත ආපදා කළමණාකරණය, මූලික ප්‍රථමාධාර, අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සඳහා ආපදා සහන සැලසීම සහ ජීවිතාරක්‍ෂක කටයුතු සම්බන්ධව න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණූවක් ලබාදීම සිදු කෙරේ.

තවද, මෙම පුහුණු වැඩසටහන සදහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයන්ට අනුයුක්ත රජයේ නිලධාරීන් හතළිස් හත් දෙනෙකු (47) සහභාගීවේ.