බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ට ගොදුරු විම වැලැක්වීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධ විශේෂ දේශණයක් විශේෂඥ වෛද්‍ය රියර් අද්මිරාල් ගෝඨාභය රණසිංහ විසින් 2024 ඔක්තෝබර් මස 16 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ කාලීන සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන මඟින් නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ට ගොදුරු නොවී සෞඛ්‍යමත් දිවිපෙතක් ගත කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළීවෙත්, ආහාර රටා සහ ව්‍යායාම පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

තවද, මෙම විශේෂ දේශණය නාවික හමුදා අභ්‍යන්තර වෙබ් අඩවිය ඔස්සේ සියළුම නාවික හමුදා පුද්ගලයින්ට නැරඹීමට හැකිවන පරිදි ප්‍රචාරය කිරීමටද (https://webcast.navy.lk) නාවික හමුදාව කටයුතු කෙරිණි.