නාවික හමුදාව මඟින් මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර ව්‍යපෘතිය යටතේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය (01) 2024 ඔක්තෝබර් මස 21 වන දින ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ඉන්ද්‍රානි මල්වැන්න මහත්මිය සහ වැඩබලන කළමණාකරු (නාවික සමාජීය මෙහෙවර) ව්‍යාපෘති විසින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කරන ලද තිස්වන (30) වෛද්‍ය ශ්‍රේණි‍යේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය (01) මඟින් එකවර වකුගඩු රෝගීන් පහළොස් දෙනෙකු (15) හට රුධිර කාන්දුකරණය කිරීමට හැකියාව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්ඩීජී විමලසේන මහතා” ශ්‍රී ලංකා නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යපෘතියෙහි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිසක් සහභාගි වී සිටියහ.