නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 ඔක්තෝබර් මස 19 සහ 20 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ සමඟ එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 19 වන දින උතුරු නාවික විධානයේ සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් කන්කසංතුරය තිස්ස විහාරය වැඳපුදාගත් නාවික හමුදාධිපති, එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ, ගිංතොට නන්දාරාම හිමි බැහැදැක අශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පොදු භෝජනාගාරයේදී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට අභියෝගාත්මක කාල වකවානුවක් පසුකරමින් ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවත්, කුමණ අභියෝගාත්මක ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද නාවික හමුදාවේ කාර්යභාරය අඛණ්ඩව සිදුකළ යුතු බැවින් ඒ සඳහා සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දුපත් රාජ්‍යක සමුද්‍රිය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රමුඛ වගකීමක් නාවික හමුදාවට පැවරෙන බැවින්, විවිධ දුෂ්කරතා හමුවේ වුවද, නාවික හමුදාව දේශීය ජල තීරයෙන් ඔබ්බට ගොස් ඉන්දියානු සාගර කලාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වා රටේ මතු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට විශාල උත්සහයක නිරත වන බවත්, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවට කැපවෙන පාර්ශවකරුවෙකු වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩ පැවැත්වීම, නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම සහ ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයේ පමණක් නොව, යාබද සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපයන් තුලද නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් හේතුවෙන් දේශීය හා විදේශීය වශයෙන් නාවික හමුදාවට විශාල පිළිගැනීමක් ලැබී ඇති බවත් පවසන ලදි. විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය හා කලාපීය නොවන රාජ්‍යන්ගේ නාවික හමුදා සමඟ සහයෝගීත්වය වර්ධණය කර ගනිමින් ජාත්‍යන්තර සබඳතා වර්ධණය කර ගැනීමට සමත්වී ඇති බව පැවසු නාවික හමුදාධිපති, එලෙස නාවික හමුදාව වෙත ජාත්‍යන්තරයෙන් ලද විශාල පිළිගැනීම හේතුවෙන් ඒකාබද්ධ සමුද්‍රිය බළකාය හා සංධාන ගත වීමටත්, එළඹෙන වර්ෂයේදි එම බළකායේ 154 වන කාර්යසාධක බලකාය වෙත අණදෙමින් අනෙක් කාර්යසාධක බලකායන්ගේ පුහුණු කටයුතු පිළිබඳ වගකීම ඉටුකිරීමටද ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව ලැබීම, ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයෙන් විශාල කීර්තියක් ගෙන දීමට සමත්වන බවත් පවසන ලදී.
නාවික හමුදාව, කොළඹ සමුද්‍රිය සෙවිම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජාත්‍යන්තර මුහුදේ සාර්ථක සෙවිම් හා මුදවා ගැනිමේ මෙහෙයුම් සිදුකිරීම සහ ස්ථාවර සාගර කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම, ශ්‍රී ලංකාව රටක් ලෙස ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (International Maritime Organization – IMO) විශේෂ ඇගයිමකට ලක්වී ඇති බවත්, ඒ හේතුවෙන් විදෙස් රාජ්‍යයන් ගණනාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැකියාවන් වර්ධණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන බවත් පවසන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බලඇණිය, ආවේකෂණ හැකියාවන් හා උපකරණ, තාක්ෂණික හැකියාවන්, ජල ශාස්ත්‍රීය සේවාවන් ඉදිරියේදී වඩාත් පුළුල් වනු ඇති බවත්, ඒ සඳහා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් විද්‍යාණුකූල ක්‍රමවේදයකට අනුව සකස් කල 2030 උපාය මාර්ගික සැලස්ම ක්‍රියාවට නංවා ඇති බවත්, එමඟින් නෞකා බලඇණිය, තාක්ෂණය සහ පිරිස් බලය ඉදිරීයේදී අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් පවසන ලදි.
එලෙස නාවික හමුදාව ඉදිරියේදි විශාල වර්ධනයක් අත්පත් කර ගනිමින් තිබෙන පසු බිමක, නාවික හමුදාවේ කාර්ය භාරය ඉතා උසස් අන්දමින් සිදු කිරීම සඳහා සියළුම නාවික හමුදා පුද්ගලයින් මනා විනයකින් යුතුව නාවික හමුදාවේ ප්‍රතිරූපයට හානියක් නොවන ලෙස කටයුතු කල යුතු බව අවධාරණය කල නාවික හමුදාධිපති, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන අවශ්‍යතා සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන බවත්, ආර්ථික දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා විනය විරෝධි කටයුතු සිදු නොකර එම සුභසාධන ව්‍යාපෘතින් වෙතින් අවශ්‍ය සහන ලබා ගැනීම සිදුකල යුතු බවත් පවසන ලදි. විශේෂයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේද දායකත්වය සමඟින් නාවික හමුදා පුද්ගලයින්ගේ විවාහක නිවාස ගැටළුව විසඳීම සඳහා සාර්ථක වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඉදිරියේදි එහි ප්‍රථිලාභ නාවික හමුදා පුද්ගලයින්ට හිමි වන බවත් පැවසු නාවික හමුදාධිපති, ආර්ථික දුෂ්කරතා හමුවේ තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා ලෙස කළමණාකරණය කර ගනිමින්, නිසි අවබෝධයෙන්, නිරවුල් මනසකින් සහ කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුතුව නාවික හමුදාවේ කාර්යභාරය වෙනුවෙන් සෑම නාවික හමුදා පුද්ගලයෙකුම කැප විය යුතු බවත් අවධාරනය කෙරිණි.
උතුරු නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන් සිදුකල දේශණයෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ මෙහෙයුම් කටයුතු, සුභසාධන පහසුකම්, ඉදිකිරීම්, නිරික්ෂණය කල නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ ඉදිකෙරෙමින් පවතින නව ජැටිය නිරික්ෂණය සඳහා සහභාගී විය. අනතුරුව, යාපනය ප්‍රදේශය භාර රදගුරු අති උතුම් ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදැක සුහද පිළිසඳරක නිරතවු නාවික හමුදාධිපති යාපනය නාග විහාරය වැඳපුදා ගැනීම සිදු කෙරිණි. එහිදි එම විහාරස්ථානයේ ජූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නායක හිමිපාණන් බැහැදැක අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, යාපනය නාවත්කුලි විහාරස්ථානය වැඳපුදා ගැනීමට සහ එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති හංවැල්ලේ රතනසිරි හිමි බැහැදැක අශිර්වාද ලබා ගැනීමට නාවික හමුදාධිපති කටයුතු කෙරිණි.
2024 ඔක්තෝබර් මස 20 වන දින නාවික හමුදාධිපති උතුරු පලාතේ ප්‍රධාන සංඝනායක ධම්මකිත්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමි බැහැදැක නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වන්දනාමාන කර, එම විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා බෞද්ධ ආගමික වත් පිළිවෙත් අනුව බැති සිතින් සහභාගී විය. එහිදී, නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය නෛතිව් දූපතේ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන නව රෝහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය සඳහාද නාවික හමුදාධිපති සහභාගී විය. ඉන්පසු ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ආරක්ෂක හා සුභසාධන කටයුතු නිරීක්ෂණය කර යාපනය නල්ලූර් හින්දු දේවස්ථානය වෙත ගොස් එහි පූජක වරුන් හමුවීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති ගේ උතුරු නාවික විධාන සංචාරය සාර්ථකව නිමාවට පත් විය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, මාලා ලමාහේවා මැතිණිය සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.