ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Car Nicobar class වර්ගයට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් මීටර් හතලිස් නමයක් (49) හා නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් (70) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Lieutenant Commander Jonathan Sunil S Kothari කටයුතු කරනු ලබයි.

තවද, “Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, නිළ සංචාරය අවසන් කරමින් 2024 ඔක්තෝබර් මස 28 වන දින එම යාත්‍රාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.