රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 18) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස පත්වූ රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන, වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

තවද, රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන, ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති ලෙස සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත.