ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

p class="text-justify"> ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට (Higher Defence Management Course India) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Kedar D Gupte ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 15) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම නිලධාරින් පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවේ ප්‍රධානි Colonel Kedar D Gupte සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාන්චන බානගොඩ අතර නාවික හමුදා මූලස්ථානයේදී සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ෂවය අතර, සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන්, ඉන්දීය උසස් ආරක්ෂක කළමණාකරණ පාඨමාලාවට අයත් නිලධාරින් දැනුවත් කිරීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් විසින් සිදු කෙරිණි.