ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ‍උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් ඔස්සේ උපාධි සම්පූර්ණ කළ 1732 ක් සඳහා 2024 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 14 සහ 15 දින පැවැත්වෙන අතර, අද දින (2024 ඔක්තෝබර් 14) පැවති එම උපාධි ප්‍රදානෝත්සවයේ දෙවන සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් නාවික හමුදාධිපති උත්සව අවස්ථාව සඳහා පිළිගැනීමෙන් අනතුරුව, උපාධි ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන ඒම සිදු කෙරිණි. එහිදි, උපාධි ප්‍රදානෝත්සවයේ දෙවන සැසියේ දක්‍ෂතම උපාධිදාරියාට හිමි රන් සම්මානය නාවික හමුදාධිපති විසින් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් උපාධි ප්‍රදානෝත්සවය ඇමතීම සිදු කෙරිණි.