වැදගත් සිදුවීම්
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් 13 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
11 Oct 2024
ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Robert van Bruinessen අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
11 Oct 2024
ප්‍රංශ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණඩර්, Dang Khoa BUI අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
11 Oct 2024
'PO LANG' පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ඔක්තෝබර් මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy Sail Training Warship) ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 11) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
11 Oct 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රවි රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රවි රණසිංහ අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
11 Oct 2024
රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
11 Oct 2024


