ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් Robert van Bruinessen අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කපිතාන් Robert van Bruinessen අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදු කිරීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Iwan Rutjens මහතා ද සහභාගී වී සිටියහ.