රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රවි රණසිංහ විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස පත්වූ රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.