බූස්ස සහ මැදිල්ල වෙරළ තීරයන්හිදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්‍ අද දින (2024 ඔක්තෝබර් 05) බූස්ස සහ මැදිල්ල ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මඟින්, ගිංතොට සිට බූස්ස හන්දිය දක්වා වූ වෙරළ තීරයේ සහ කිරම මෝය සිට මැදිල්ල දක්වා වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එම, අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වි සිටියහ.