නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ අභිනව ලේකම්වරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී, ආරක්‍ෂක අමාත්‍යංශයේ අභිනව ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ නිළ හමුවක් සිදු කෙරිණි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවේදී, ආරක්‍ෂක අමාත්‍යංශයේ අභිනව ලේකම්වරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවේ කාර්යභාරය ඇතුළු වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ අභිනව ආරක්‍ෂක ලේකම්වරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා හමුවූ මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු කෙරිණි.