ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් වරයාගේ වැඩ භාරගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 2024 සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පත් කෙරුණු අතර, ඔහුගේ රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ඒ අනුව, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරි භාරගැනීම 2024 සැප්තැම්බර් මස 23 දින සිදු කිරීමෙන් අනතුරුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන‍්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ වර්තමාන ආරක්‍ෂක තත්වය ඇතුළු වැදගත් කරුණු පිලිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.