ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 සැප්තැම්බර් 14) පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ කාවන්තිස්ස ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.