රාජකීය ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) අද දින (2024 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

1951 වර්ෂයේ රාජකීය ලංකා නාවික හමුදාවට එක්වී ඇති සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) 1977 වර්ෂය දක්වා නාවික හමුදාවේ සේවය කර ඇති අතර, රාජකීය ලංකා නාවික හමුදාවේ ප්‍රථම නෞකාව වන “විජය“ නෞකාවේ ආරම්භක කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.

ඒ අනුව, සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් ලෙස පිළිගත් නාවික හමුදාධිපති සුහද කථාබහක නිරත වීමෙන් අනතුරුව, ඔහුගේ සේවය අගයමින් සමරු තිළිණයක් පිරිනැමීමද සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) පුතණුවන් වන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බීසීටීටී විජේතිලක මහතාද සහභාගී විය.