කිරිඳඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයට අයත් කිරිඳිඔය නාවික අනුඛණ්ඩය පරිශ්‍රයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 සැප්තැම්බර් මස 10 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ක්‍රියාවට නංවනු ලබයි. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ කිරිඳිඔය නාවික අනුඛණ්ඩය පරිශ්‍රයේ ස්ථාපනය කළ 1025 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, විවෘත කිරීම මෙලෙස දකුණු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මඟින් කිරිඳිඔය නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රීලංනානෞ කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කොමදෝරු අනිල් වසන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගීවී සිටියහ.