මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වව්නියාව මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 20 වන දින සිට 30 වන දින දක්වා වව්නියාව, මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, පුනරුත්ථාපන කාර්යාංශය හා එක්ව, පුනරුත්ථාපනය වූවන්ගේ ජීවිතවලට විවිධ ආකාරයෙන් වෙනසක් ඇති කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, ගඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ පිහිටි නාවික හමුදා, ආපදා කළමනාකරණ පුහුණු පාසල මඟින් මෙම ජීවිතාරක්ෂක වැඩමුළුව පැවැත්වීමට කටයුතු කෙරිණි.