නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් කල්පිටියේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයෙදී නිෂ්පාදනය කරන ලද වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් (Accommodation type Wave Rider IPCs - P 265 and P 266) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2024 සැප්තැම්බර් මස 02 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ජැටියේදී සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් නිෂ්පාදිත වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ වැඩි කාලයක් මුහුදේ රාජකාරී කිරීමට හැකි වන පරිදි නිෂ්පාදිත මෙම වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා මඟින්, වයඹ මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුවන නිතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, භාණ්ඩ ජාවාරම සහ නිතී විරෝධී ධීවර කටයුතු ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට අවස්තාව උදාවනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.