නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය 2024 අගෝස්තු මස 30 වන දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ පුනර්ජනණීය බලශක්ති භාවිතා කිරීමේ තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා, GAIA Greenenergy Holdings (Private) Limited ආයතනය සමඟ සිදුකළ පුහුණු වැඩසටහනට සමගාමීව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ කිලෝ වොට් එකසිය පනහක (150 KW) සූර්යය බල පද්ධතියක් ස්ථාපනය කිරීම සිදු කෙරුණු අතර, එම සූර්යය බල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 30 වන දින සිදු කෙරිණි.

තවද, මෙහිදී සූර්යය බල පද්ධති ස්ථාපනය කිරීම සඳහා පුහුණුව ලැබූ නාවික පුද්ගලයින් 12 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රධානයද සිදු කෙරිණි.