රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත විදුලි රෝද පුටුවක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින සුළු නිලධාරී එච්ජේ පුෂ්පකුමාර යන විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත විදුලි රෝද පුටුවක් පිරිනැමීම අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 26 වන දින ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.

සුළු නිලධාරී එච්ජේ පුෂ්පකුමාර යන විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් නාවික හමුදා සුභසාධක අංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව, නාවික හමුදා සුභසාධක අංශයේ හා නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික විදුලි නිර්මාණ ඒකකය මඟින් නිපදවන ලද විදුලි රෝද පුටුවක් එම විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත පිරිනැමීම මෙලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ වැඩ බලන ආඥාපති කොමදෝරු දම්මික විජේවර්ධන සහ වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික සුභසාධක කපිතාන් ඉන්දික එදිරිසිංහ සහභාගී වී සිටියහ.