නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2024 අගෝස්තු 23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කාංචන බානගොඩ විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නාවික සම්ප්‍රදායානුකූලව නැගෙනහිර නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.