රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින බලනැවි කේඑස්පී රොද්‍රිගෝ යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

බලනැවි කේඑස්පී රොද්‍රිගෝ යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා විසින් නාවික හමුදා සුභසාධක අංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව, නාවික හමුදා සුභසාධක අංශයේ හා නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ මූල්‍යමය දායකත්වයෙන් රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් එම විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත පිරිනැමීම මෙලෙස අද දින නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.