කොමදෝරු ධනේෂ් පත්බේරිය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ධනේෂ් පත්බේරිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු ධනේෂ් පත්බේරිය, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් ලෙස කටයුතු කළ අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් අනිල් බොවත්ත විසින් අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස පත්වූ කොමදෝරු ධනේෂ් පත්බේරිය වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.