උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජගත් කුමාර උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 අගෝස්තු 15) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත රියර් අද්මිරාල් ජගත් කුමාර පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නාවික සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.