රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) Rear Admiral Brett Sonter RAN සහ එම බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2024 අගෝස්තු 14) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.