තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ‍ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කළ වේදිකාව සිසු අයිතියට පත් කෙරේ

මන්නාරම, තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ‍ ක්‍රීඩා පිටියෙහි අබලන් තත්වයට පත්ව තිබූ වේදිකාවක් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 12) සිදු කෙරිණි.

මන්නාරම, තලෙයිමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසල සඳහා කාලයක සිට පැවති අවශ්‍යතාවයක් සපුරමින්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ අධීක්‍ෂණයෙන් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ප්‍රදේශයේ ධානපතීන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම වේදිකාවේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව කඩිනමින් අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කළ මෙම වේදිකාව අද දින (2024 අගෝස්තු 12) සිසු අයිතියට පත් කිරීම මෙලෙස සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, තලෛමන්නාරම්තොට රජයේ දෙමළ මිශ්‍ර පාසලේ‍ අචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටියහ.