ඉන්දියාවේ නවදිල්ලි නුවර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක Lieutenant Colonel Han Jonghun අද දින (2024 අගෝස්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Lieutenant Colonel Han Jonghun ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ කොරියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ කොරියානු ජනරජ ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.