නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද සූර්ය විදුලි මෝටර් රථයක් නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටි‍යෙහි ප්‍රයෝජනය සඳහා භාරදෙයි

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ප්‍රතිසංස්කරණය කර වැඩි දියූණු කරන ලද සූර්ය විදුලි බල මෝටර් රථයක් වැලිසර නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටියේ භාවිතය සඳහා භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේදී සිදුකෙරිණි.

නීට් සොලුෂන් පෞද්ගලික ආයතනය (NEAT SOLUTIONS (PVT) LTD) වෙතින් භාවිතයට ගැනීමට නොහැකි තත්වයේ පැවති මෝටර් රථ දෙකක් නාවික හමුදාව වෙත පරිත්‍යාග කෙරුණු අතර, නාවික හමුදාධිපති ගේ උපදෙස් පරිදි නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් එම මෝටර් රථ දෙකින් එක් මෝටර් රථයක් මාස 05ක පමණ කාලසීමාවක් තුල ප්‍රතිසංස්කරණය කර නාවික හමුදාවේ ප්‍රයෝජනය සඳහා‍ වැඩි දියුණු කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, ප්‍රතිසංස්කරණය කරන ලද මෙම සූර්ය විදුලි බල මෝටර් රථය නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටියේ භාවිතය සඳහා අධ්‍යක්‍ෂක ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ වෙත භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින මෙලෙස වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේදී නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් කොමදෝරු ධනේෂ් පත්බේරිය, නාවික අණභාර නිලධාරී (වැලිසර) කොමදෝරු බුද්ධික ජයවීර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පර්යේෂණ හා සංවර්ධන කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල් නීට් සොලුෂන් පෞද්ගලික ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂක කොමාණ්ඩර් ඩීවීසීබී පවුලිස් (විශ්‍රාමික) හා එහි කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.