ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් නාවික හමුදාධිපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය අද දින (2024 අගෝස්තු 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.