නාවික හමුදාව මඟින් රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි මස 31 වන දින සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කර ස්ථාපනය කරන ලද මෙම විසි නව වන (29) වෛද්‍ය ශ්‍රේණි‍යේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය මඟින්, එකවර වකුගඩු රෝගීන් 15 දෙනෙකු හට රුධිර කාන්දුකරණය කලහැකි අතර, එය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි සකස් කිරීමේ හැකියාවද පවතී.

තවද, මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නාවික හමුදා නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල්, රත්නපුර ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ නාවික සමාජීය මෙහෙවර ව්‍යාපෘතියෙහි නාවික පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.