නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර කුඩා බෙල්ලන්කඩවල ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 ජූලි 28) ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් අධියරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ක්‍රියාවට නැංවිණි. ඒ අනුව, සිරස ගම්මැද්ද ක්‍රියාන්විතය යටතේ වෛද්‍ය ශ්‍රීමති ගුණතිලක මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ 1022 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, අද දින (2024 ජුලි 28) අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම කුඩා බෙල්ලන්කඩවල ග්‍රාමයේදී මෙලෙස විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මඟින් කුඩා බෙල්ලන්කඩවල ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.