වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු ධම්මික විජේවර්ධන වැඩ භාර ගනී

කොමදෝරු ධම්මික විජේවර්ධන වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 27) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙත කොමදෝරු ධම්මික විජේවර්ධන පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ විසින් එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව වැඩ බලන ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, වයඹ නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ වෙත නාවික සම්ප්‍රදායානුකූලව වයඹ නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.