ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජුලි මස 23 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘‘USS Michael Murphy’’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජුලි 26) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි.

තවද, ‘‘USS Michael Murphy’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව හිමි වූ අතර, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදු කෙරිණි.