ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (ReCAPP) සමූහ රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවෙහි (Regional Cooperation Agreement on Combating Piracy and Armed Robbery against Ships in Asia - ReCAAP) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සමූහ රැස්වීම, අද දින (2024 ජුලි 25) කොළඹ ප්‍රදේශයේ සිදුකෙරුණු නිරීක්‍ෂණ සංචාරයෙන් අනතුරුව සාර්ථකව නිමාවට පත් විය.

ඒ අනුව, 2024 ජුලි මස 22 සිට 25 දක්වා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වු මෙම සමූහ රැස්වීමෙහිදී 2024 ජුලි මස 23 වන දින; Situation Update on piracy and armed robbery against ships in Asia, Preparedness to combat piracy and armed robbery against ships including timely/ accurate incident report, Case study on the investigation outcome of the incident “Loranzo Putha 4”, Preparedness to combat piracy and armed robbery against ships including timely reaction against the incident, addressing the root cause of piracy and armed robbery against ships, engagement with counterparts in neighbouring countries, Preparedness to combat piracy and armed robbery against ships and efforts to information sharing, Preparedness to combat piracy and efforts to fortify the security in its port/ Anchorage සහ Preparedness to combat piracy and efforts on timely/ accurate incident report and problem faced by the industry යන තේමාවන් ඔස්සේ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කිරීම් මඟින් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

මෙම සමූහ රැස්වීමේ 2024 ජුලි මස 24 වන දින; Engagement with Sri Lanka authorities and shipping industry on piracy and armed robbery against ships and perspective on the Sri Lanka maritime security යන තේමාව යටතේ ඉන්දීය සහ බංගලාදේශ පාර්ශවයන් විසින් ඉදිරිපත් කිරීම් මඟින් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරුණු අතර, ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහි මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීමට අදාලව ලබා ඇති ප්‍රගතිය, පාර්ශවකරුවන්ගේ සූදානම, කලාපීය සිදුවීම් පිළිබඳ වාර්තා, සිද්ධි අධ්‍යයන, අනුගමනය කල සාර්ථක ආරක්ෂක ක්‍රමවේද, මුහුණදෙනු ලබන අභියෝග සහ එම අභියෝග සඳහා සාමූහිකව විසඳුම් සොයමින් සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු පුළුල් ‍ක්‍ෂේත්‍රයක් ආවරණය කරමින් අදහස්, තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

තවද, ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවයට (ReCAPP) අදාලව පැවති මෙම සමූහ රැස්වීම තුළින්, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ පැන නඟින මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් අභියෝගය ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නව දැනුම, අත්දැකීම්, ක්‍රමෝපායන් සහ හොඳම භාවිතයන් පිළිබඳ දැනුම වැඩිදියුණු කරගැනීමට හා හුවමාරු කරගැනීම, කලාපීය සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් පාර්ශවකරුවන්හට හිමිවනු ඇත.