උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි නාවික පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, එම ආයතන තුල නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායක්තවයෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව පහසුකම්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි මස 22 වන දින විවෘත කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආ‍යතනයට අයත් ඉරණතිවු අණුඛණ්ඩයේ වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නාවිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවාසයක්, වලේපාඩු හි නාවික ස්ථානගතකිරීම වෙත මුළුතැන්ගෙයක්, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආ‍යතනයට අයත් නාවික ස්ථානගත කිරීම නරිවිලකුලම් වෙත මුළුතැන්ගෙයක් , ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආ‍යතනයට අයත් නාවික ස්ථානගත කිරීම පේසාලේ වෙත මුළුතැන්ගෙයක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ නාවිකයින් වෙනුවෙන් නිවාසයක් මෙලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකෙරිණි.