යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදුකල පාද යාත්‍රාවෙන් පසු නාවික හමුදාව කුමන ජාතික වනෝද්‍යානයේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා සිදු කල පාද යාත්‍රාව සඳහා සහභාගි වූ බැතිමතුන් විසින් බැහැර කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක්රැස් කර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, කුමන ජාතික වනෝද්‍යානයේ බගූරේ කළපු ප්‍රදේශයේදී, 2024 ජුලි මස 17 වන දින පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පවත්වන ලද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනේදී, පාද යාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් විසින් බැහැර කරන ලද ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරයට හානි නොවන ලෙස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.