ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට සමඟාමීව නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල සන්ථාගාර ශාලාව විවෘත කෙරේ
ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන්, 2024 ජුලි මස 14 වන දින සිදු කෙරිණි. ඒ අනුව, ඊට සමඟාමීව නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල ‘පූජනීය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ විවෘත කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
ඒ අනුව, බෞද්ධාගමික වත් පිළිවෙත් සහ හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව, එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬුව සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම සිදු කෙරිණි.
අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් සහ පූජනීය නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.
එමෙන්ම, ඊට සමඟාමීව, දුර බැහැර සිට දීඝවාපිය පුදබිම වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින්, නාවික හමුදාවේ තාක්ෂණික, ශිල්පීය සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකල ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා ගෞරවණීය සංඝ රත්නය, ත්‍රිවිධ හමුදා පුද්ගලයන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.