බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 12) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සමන් පෙරේරා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.
තවද, බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත නාවික සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.