නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුලි 12) වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ගේ අධීක්ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මන්නාරම දිස්ත්‍රික් රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය වෙනුවෙන්, එම රෝහල වෙතින් සිදුකෙරුණු ඉල්ලීම් අනුව සංවිධානය කෙරිණි.
තවද, විධාන රෝහල් කාර්යය මණ්ඩලය විසින් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වූ මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා වයඹ නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ලේ දන්දීම සඳහා දායක වූහ.