කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි
යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2024 ජුනි 30) ආරම්භ කෙරුණු අතර, එය 2024 ජුලි මස 11 වන දින දක්වා සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ අධික්ෂණය යටතේ කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන් හට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන්, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම; ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
තවද, කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, නැගෙනහිර පළාත් ආන්ඩුකාර ගරු සෙන්ඩිල් තොණ්ඩමන් මැතිතුමා, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ හින්දු පූජකවරුන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.