දෙල්ගොඩ දෙමාලගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

දෙල්ගොඩ, දෙමාලගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 ජුනි මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවත්වීමට කටයුතු කෙරිණි.

මෙම ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාව සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පිවිසි නාවික හමුදාධිපති, එම විද්‍යාලයේ සිසු දරුවන් සහ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, විද්‍යාලයේ සංස්කෘතික නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් නර්ථනයක් සමඟින් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන යාම සිදු කෙරිණි. අනතුරුව, සිදුකෙරුණු ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, ශිෂ්‍ය නායකයින් හතළිස් පස් දෙනෙකු වෙත (45) නිල ලාංඡන පැළඳවීම එහිදී සිදු කල නාවික හමුදාධිපති, උත්සව සභාව අමතා නායකත්ව ගුණාංග පාසල් කාලයේ සිට වැඩිදියුණු කර ගන්නා ආකාරය සහ පුරවැසියෙක් වීමට අවශ්‍ය චරිතය ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳව ඉතා හරවත් දේශනයක් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ගෞරවණීය මහා සංඝ රත්නය, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.