නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ජංගම සේවා රථයක් හඳුන්වා දෙයි
නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කල ප්‍රථම ජංගම සේවා රථය එළි දැක්වීමේ උත්සවය, අද දින (2024 ජුනි 27) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේදි පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය මත, විධාන මෝටර් රථ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, එම විධානයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම ඉහළ නැංවීම සඳහා මෙම ජංගම සේවා රථය නිර්මාණය කිරීමට කටයුතු කල අතර, එමඟින් උතුරු මැද නාවික විධානය වෙත අනුයුක්ත කර ඇති රථ වාහනවල සේවා සැපයීමේ කටයුතු ඇතුළු අනෙකුත් අළුත්වැඩියා කටයුතු විධානය තුළ පිහිටි කඳවුරු වෙත ගොස් කාලීනව ඉතාමත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සිදුකර ගැනීමට මෙම ජංගම සේවා රථය මඟින් හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි අණදෙන නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.