නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය සඟසතු කොට පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් බලපිටිය, මාදු ගඟෙහි අභිනවයෙන් ඉදිකල සීමාමාලකය, ‘ස්වේජින්’ සීමාමාලකය ලෙස නම් කර ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් විවෘත කර සඟසතු කොට පූජා කිරීම, 2024 ජුනි මස 26 වන දින බලපිටිය මාදු ගඟෙහිදි සිදු කෙරිණි.
අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහනාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නාහිමියන්ගේ සංවිධායකත්වයෙන්, ශ්රාස්ත්රපති පූජ්‍ය හීල්ලේ ඥාණනන්ද නාහිමියන්ගේ මූල්‍ය දායකත්වයෙන්, දකුණු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, මෙම සීමාමාලකයේ ඉදිකිරීම් 2023 වර්ෂයේ ආරම්භ කෙරිණි. ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් අවසන් කෙරුණු මෙම සීමාමාලකය, නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර සඟසතු කොට පූජා කිරීම මෙලෙස 2024 ජුනි මස 26 වන දින සිදු කෙරිණි.
තවද, මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.