රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නාවිකයෙකු වෙත නාවික හමුදා සුභසාධක අංශය මඟින් වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ප්‍රදානය කරයි

රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නායක නැවි (සරඹ උපදේශක) ඩබ්ඒපීඑස් වීරසිංහ යන විශ්‍රාමික නාවිකයා වෙත වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක්‌ ප්‍රදානය කිරීම නාවික හමුදා සුභසාධක අංශය මඟින් 2024 ජුනි මස 17 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී, 2022 ජනවාරි මස 29 වන දින සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති නායක නැවි (සරඹ උපදේශක) ඩබ්ඒපීඑස් වීරසිංහ යන විශ්‍රාමික නාවිකයා විසින් සානුකම්පිත හේතූන් මත වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ලබා ගැනීම සඳහා නාවික හමුදා සුභසාධක අංශය වෙත ඉල්ලීමක් සිදු කෙරිණි. එම ඉල්ලීමට අනුව, එම නාවිකයා වෙත වායු මෙට්ටයක් සහ විදුලි රෝද පුටුවක් ප්‍රදානය කිරීම මෙලෙස 2024 ජුනි මස 17 වන දින සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් රුවන් බණ්ඩාර ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.