කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් අද දින (2024 ජුනි 13) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී, අධ්‍යක්‍ෂ නාවික විදුලි උපයෝගිතා, ජීව වෛද්‍ය ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු වශයෙන් රාජකාරි සිදුකල අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න විසින් කොමදෝරු ප්‍රශාන්ත ඇන්තනී වෙත වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ධූරයේ රාජකාරීන් භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.