ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුනි මස 11 වන දින සහ අද දින (2024 ජුනි 12) සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය, ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය සහ ත්‍රිකුණාමලය අල්මිල්හාජ් මුස්ලිම් මහ විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් තුන්සියයකට (300) ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහන තුළ දන්ත සායන පැවැත්වීමද සිදු කෙරිණි.