ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කල ගිලන් හල විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ රෝහල් සේවා සංගමයේ ප්‍රධානී, රාජකීය පණ්ඩිත පූජ්‍ය රජ්‍වැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ රෝහල් උපකරණ පරිත්‍යාගයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ ස්ථාපනය කළ නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද ගිලන්හල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම 2024 ජුනි මස 03 වන දින සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයට අඩුපාඩුවක්ව පැවති මෙම නව සෞඛ්‍ය පහසුකම් නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කඩිනමින් සම්පූර්ණ කිරීම මඟින්, ඉදිරියේදී නාවික හමුදා පුද්ගලයින් හට අවශ්‍ය හදිසි ප්‍රතිකාර පහසුවෙන් සලසා දීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ දකුණු නාවික විධාන වෛද්‍ය නිලධාරී ඇතුළු කාර්යය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.