ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු රොහාන් ජෝෂප් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 40 වන ආඥාපති වශයෙන් කොමදෝරු රොහාන් ජෝෂප් 2024 මැයි මස 30 වන දින වැඩ භාර ගන්නා ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 40 වන ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට ප්‍රථම කොමදෝරු රොහාන් ජෝෂප් ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ධූරයෙහි රාජකාරීන් කොමදෝරු රොහාන් ජෝෂප් වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් රාජකාරී කල රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින් සමුදීම සිදු කෙරිණි.