නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 මැයි 29) වැලිසර නාවික මහ රෝහලේ දී පැවැත්විණි.

ඒ අනුව, සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය නිමිත්තෙන්, නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ බටහිර නාවික විධානය මඟින් සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ රුධිර සංචිත අවශ්‍යතාවය සපිරීම වෙනුවෙන් සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලද අතර, ඒ සඳහා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ විධාන නාවික රෝහල් කාර්යය මණ්ඩලය අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කෙරිණි.